Download Page



මම මේ page එකේ දාන්නම් latest software එක download කරගන්න ලින්ක් එක.මම software එක update කරන කරන සැරේට මේ ලින්ක් එකත් update කරන්නම්.ඒ වගේම මගේ අනිත් project (සම්පුර්ණ කරපුව සහ test-run)





මේ ලින්ක් එක click කරපුවහම , මේ software එක තියෙන google drive folder එක open වෙනවා.එතනින් ඔයාලට H.B.S.N.exe කියන installer file එක download කරගන්න පුළුවන්.

Other Netbeans Projects




පහල ලින්ක් click කරපුවහම , මේ project එක තියෙන google drive folder එක open වෙනවා.එතනින් ඔයාලට අවශ්‍ය Winrar files download කරගන්න පුළුවන්.






Resources For Projects (API)



පහල ලින්ක් click කරපුවහම , මම projects හදන්න යොදාගත්ත ජාවා API තියෙන google drive folder එක open වෙනවා.එතනින් ඔයාලට අවශ්‍ය API එක download කරගන්න පුළුවන්.



මේ software වැඩ කරන්න නම් ඔයාලගේ පරිගණකයේ java install කරලා තියෙන්න ඕනේ.මේ පහල ලින්ක් එකෙන් ඔයාලට java download කරගන්න පුළුවන්.







Video Gallery



Software Installation 







Software Configurations [ General ]






Software Configurations [ Commands]






Software Configurations [ Automation ]







Software Configurations [ Interfaces & Themes ]










Audio & Video Player








Mp3 Tag Editor & Organizer










Home Automation System









Keylogger Using Java











Message Encrypt & Decrypt





Folder Locker



 



Video Galley


 

34.Video Gallery & Video Player - Updated




ඔන්න මම අද ඔයාලට පෙන්නන්න හදන්නේ මම අලුතින් කරපු වෙනස්කමක් ගැනයි.මෙතැනදී මම කලේ , Video Player එකේ තිබ්බ අඩු පාඩු හදල , Video Playlist එක Video Gallery එකක් විදිහට වෙනස් කරපු එකයි.

 



මෙතැනදී Video Gallery එකේ , අපි select කරලා තියෙන Video Folder එකේ තියෙන ඔක්කොම Video Files ටික icons විදිහට window එකේ පෙන්නනවා. ඒ වගේම ඒ icon එක උඩට mouse එක ගෙනිච්චහම Background එක ඒ අදාළ ෆිල්ම් එක අනුව වෙනස් වෙනවා.




මේ විදිහට icon image එක සහ background image එක වෙනස් වෙන්න අවශ්‍ය විදිහට අපිට ඒ අදාළ images ෆිල්ම් එක තියෙන folder එකට ඇතුලත් කරගන්න සිද්ද වෙනවා.


මෙහිදී icon එකට අවශ්‍ය කරන image එක medium-cover.jpg  විදිහටත් background image එකට අවශ්‍ය කරන image එක Background-cover.jpg විදිහටත් renameකරගන්න අවශ්‍ය වෙනවා.ඒ වගේම icon image එකේ උස පළලට වැඩිය අඩු වෙන්න ඕනේ (H > W) , එමෙන්ම background image එකේ පළල උසට වැඩිය වැඩි වෙන්නත් ඕනේ (W > H).මේ විදිහට අපි අදාළ images දෙක save කරගත්තහම  Video Gallery එකේ Films ටික ලස්සනට පෙන්නනවා.

 ඒ වගේම අපිට පුළුවන් මේ Video Gallery එකේ තියෙන Films වලින් අවශ්‍ය Film එක search කරන්න. 



ඒකට කරන්න තියෙන්නේ ඉහල පින්තුරයේ විදිහට search bar (1) එකේ අපිට search කරගැනීමට අවශ්‍ය ෆිල්ම් එකේ කොටසක් type කර search button (2) එක click කිරීමයි.එතකොට ඒ search එකට අදාළ වෙන ෆිල්ම් එක පමණක් අපිට පෙන්නන්නවා.ඉන්පසු නැවත
Video Gallery එක යථා තත්වයට පත් කිරීමට නම් search bar එක empty කර නැවත search button එක click කිරීමයි.

ඒ වගේම search button එක පසෙකින් තියෙන button එක click කිරීම මගින් අපිට Watched Movies Window එක open කරගන්න පුළුවන්.


ඒ වගේම Video Gallery එකේ film icon එකක් click කිරීම මගින් ඒ අදාළ ෆිල්ම් එක  Video Player එක මගින් play කිරීමට පටන් ගන්නවා.මෙහිදී කියන්න ඕනේ මේ  Video Player එක කලින් තිබ්බ  Video Player එකට වඩා නවීකරණය කරන ලද්දක්.මෙහිදී අපිට ඕනෑම  Video Format එකක් play කිරීමට හැකියාව ලැබෙනවා.

පහල තිබෙන Video එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් කොහොමද මේ අලුත් Video Gallery එක වැඩ කරන්නේ කියල.





මේ අලුත් සංස්කරණය කරපු software එක Download Page එකෙන් බාගත කිරීමට හැකියාව තිබෙනවා.


ඉතින් මම තවත් දවසක මේ වගේ අලුත් දෙයක් අරගෙන ඔයාලට පෙන්නන්න අරගෙන එන්නම්.


33.Folder Locker



මේක තමයි මම Speech Recognition System එකට එකතු කරපු අලුත්ම අංගය.මේ අංගය බාවිතා කරලා අපිට පුළුවන් අපේ පරිගණකයේ තියෙන files සහ folders password එකක් ඇතුලත් කරලා lock කරලා හංගන්න.මේ වැඩසටහනට පහල තියෙන දේවල් කිරීමේ හැකියාවක් තියෙනවා.


  • අපිට අවශ්‍ය ඕනෑම ස්ථානයක locker එකක් සෑදීමට හැකි වීම.
  • පරිගණකයේ locker කිහිපයක් සැදීමට හැකි වීම සහ ඒ ඒ locker එකට වෙන වෙනම passwords වලින් lock කිරීමට හැකි වීම.
  • අපිට lock කරන්න අවශ්‍ය files හෝ folder එක Zip කර lock කිරීමට හැකි වීම.

මේකෙදි අපිට අපේ files lock කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.

එක ක්‍රමයක් තමයි අපිට lock කරන්න අවශ්‍ය files ටික Zip file එකක් විදිහට හදල locker එකට දාල lock කරන්න පුළුවන්.මේ ක්‍රමයේදී file lock කරන්න සැලකිය යුතු වෙලාවක් ගන්නවා.හැබැයි ආරක්ෂාව අතින් වැඩි.

අනිත් ක්‍රමය තමයි අපිට lock කරන්න අවශ්‍ය files ටික ඒ විදිහටම locker එකට දාලා lock කරන්න පුළුවන්.මේ ක්‍රමයේදී file lock කරන්න ඉතාම කෙටි කාලයක් තමයි ගන්නේ .එකේදී ආරක්ෂාව කලින් ක්‍රමයට වඩා ටිකක් අඩුයි.


හරි අපි දැන් බලමු කොහොමද මේ software එක උපයෝගී කරගෙන file එකක් lock කරන්නේ කියල.
 


හරි එහෙනම් අපිට මුලින්ම වෙනවා උඩ තියෙන පින්තුරයේ විදිහට , Speech Recognition software එකේ Accessories window එකේ දෙවෙනි page එකට යන්න.එකේ උඩ තියෙන විදිහට folder locker icon එක click කරන්න එතකොට පහල පින්තුරයේ විදිහට folder locker එක open වෙනවා.



මෙතැනදී මම නම්බර පිළිවෙලට පැහැදිලි කරන්නම්.

01.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් locker එකක් හදන්න අවශ්‍ය ස්ථානයක් තෝරලා දෙන්න හෝ , කලින් හදපු locker එකක් තියෙන ස්ථානයක් තෝරලා දීල ඒ locker එක access කරන්න.

02.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් අපිට lock කිරීමට අවශ්‍ය files ටික තෝරලා දෙන්න.

03.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් අපිට lock කිරීමට අවශ්‍ය files ටික image එකක් තුල හංගන්න.මෙතැනදී අපි අවශ්‍ය image එකක් තෝරලා දෙන්න ඕනේ.

04.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් locker එක password එකක් සමග lock කිරීමට.

05.මේ button එක click කිරීම මගින් අපිට පුළුවන් lock කරලා තියෙන locker එකක් , lock කරන්න දීපු password එක enter කිරීම මගින් unlock කරගන්න.


ප්‍රධාන වශයෙන් මේ වැඩසටහනේ ක්‍රියාකාරිත්වය ඔය විදිහට තමයි වෙන්නේ.

ඒ වගේම මම කලින් කිව්වනේ අපිට අපේ files ක්‍රම දෙකක් යටතේ lock කරන්න පුළුවන් කියල.දැන් මම වෙන වෙනම කියල දෙන්නම් ඒ ක්‍රම දෙක මගින් files lock කරන විදිහ.


පළමු ක්‍රමය ( Slow But More Secure )



මේ ක්‍රමයේදී පහත පිළිවෙල අනුගමනය කරන්න ඕනේ.

  1. නොම්බර 2 button එක click කිරීම මගින් අවශ්‍ය files / folder එක තෝරලා දීම.
  2.   නොම්බර 3 button එක click කිරීම මගින් image file එකක් තෝරලා දීම.
  3. නොම්බර 4 button එක click කිරීම මගින් locker එක lock කිරීම.

මේ ක්‍රමයේදී වෙන්නේ , අපි තෝරලා දෙන files ටික zip file එකක් බවට පරිවර්තනය කරලා අපි තෝරලා දුන්න image file එක ඇතුලේ ඒ zip file එක හංගල locker එක lock කිරීම.


දෙවන ක්‍රමය ( Fast But Less Secure )



මේ ක්‍රමයේදී පහත පිළිවෙල අනුගමනය කරන්න ඕනේ.

  1. නොම්බර 2 button එක click කිරීම මගින් අවශ්‍ය files / folder එක තෝරලා දීම.
  2. නොම්බර 4 button එක click කිරීම මගින් locker එක lock කිරීම.

මේ ක්‍රමයේදී වෙන්නේ අපි තෝරලා දුන්න files ටික ඒ විදිහටම locker එක ඇතුලට දාලා locker එක lock කරන එකයි.


හරි මේ software එක ගැන කියන්න තියෙන්නේ ඔච්චර තමයි . මේ පහල තියෙන වීඩියෝ එක බලල ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේකෙන් වැඩ ගන්නේ කියල





ඉදිරියට අලුතින් හදන දේවල් මම අලුත් පොස්ට් වලින් දැනුවත් කරන්නම්.