20.Home Automation - 02




අපි දැන් බලමු automation unit එක එකලස් කරගන්නේ කියල.




මේ උඩ පින්තුරේ විදිහට modules ටික connect කරගන්න.

  • Arduino 5V pin එක DC to DC converter එකේ +VIN එකට connect කරන්න.
  • Arduino GND pin එක DC to DC converter එකේ -VIN එකට connect කරන්න.
  • DC to DC converter එකේ +VOUT පින් එක ESP8622 module එකේ VCC එකට connect කරන්න.
  • DC to DC converter එකේ +VOUT පින් එක ESP8622 module එකේ CH_PD එකටත්connect කරන්න.
  • DC to DC converter එකේ -VOUT පින් එක ESP8622 module එකේ GND එකට connect කරන්න.
  • ESP8622 module එකේ TX pin එක Arduino බෝඩ් එකේ pin 2ට connect කරන්න.
  • ESP8622 module එකේ RX pin එක Arduino බෝඩ් එකේ pin 3ට connect කරන්න.
  • Relay module එකේ GND pin එක Arduino බෝඩ් එකේ GND pin එකට connect කරන්න.
  • Relay module එකේ VCC pin එක Arduino බෝඩ් එකේ 5V pin එකට connect කරන්න.
  • Relay module එකේ IN1 pin එක Arduino බෝඩ් එකේ pin 4ට connect කරන්න.
  • Relay module එකේ IN2 pin එක Arduino බෝඩ් එකේ pin 5ට connect කරන්න.
  • Relay module එකේ IN3 pin එක Arduino බෝඩ් එකේ pin 6ට connect කරන්න.
  • Relay module එකේ IN4 pin එක Arduino බෝඩ් එකේ pin 7ට connect කරන්න.
  • Relay module එකේ IN5 pin එක Arduino බෝඩ් එකේ pin 8ට connect කරන්න.
  • Relay module එකේ IN6 pin එක Arduino බෝඩ් එකේ pin 9ට connect කරන්න.
  • Relay module එකේ IN7 pin එක Arduino බෝඩ් එකේ pin 10ට connect කරන්න.
  • Relay module එකේ IN8 pin එක Arduino බෝඩ් එකේ pin 11ට connect කරන්න.

හරි දැන් පරිපථය හදල ඉවරයි.දැන් තියෙන්නේ programming part එක.අපි බලමු එක කොහොමද කරන්නේ කියල.

හරි දැන් අපි Wi-fi.ino කියන program එක open කරගන්න.ඊට පස්සේ


මෙන්න මේ ස්ථානයේ ,

  • username කියන එක ඔයාලගේ wi-fi name එකෙන් replace කරන්න 
  • password කියන එක ඔයාලගේ wi-fi password එකෙන් replace කරන්න

ඊට පස්සේ program එක Arduino බෝඩ් එකට load කරගන්න.ඊට පස්සේ serial monitor එක open කරගන්න.





ඊට පස්සේ උඩ තියෙන පින්තුරේ විදිහට ඔයාලට පෙනෙයි ESP8622 module එකයි Arduino බෝඩ් එකයි අතරේ commands transfer වෙනවා.

මෙතැනදී අපි ESP8622 module එකේ access IP address එක ලියාගන්න ඕනේ.(මේ පින්තුරේ හැටියට මේ module එකේ ip එක
192.168.100.94)


හරි දැන් අපිට තියෙන්නේ මේ ip address එක speech recognition system එකේ settings වලට insert කරගන්න එක.





මේ උඩ තියෙන විදිහට automation connection කියන window එකේ wi-fi කියන option එක select කරලා ESP8622 module එකේ access ip address එක IP Address කියන තැන කොටු වල type කරන්න.


දැන් හරි Home Automation System Unit එකයි Speech Recognition System එකයි එකට link වෙලා තියෙනවා.අපිට දැන් පුළුවන් device controller එක සහ device scheduler එක බාවිතයෙන් බාහිර විදුලි උපකරණ හසුරුවන්න.


Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.