23.Home Automation - 04




මම මේ පොස්ට් එකෙන් පෙන්නන්න යන්නේ මම ලගදි මේ software එකට එකතු කරපු අලුත් අංගයක් ගැනයි.මෙතැනදී වෙන්නේ කලින් වගේ  Arduino ෆයිල් එකයි Arduino library එකයි වෙන වෙනම එන්නේ නැහැ.මේ ඔක්කොම installer එකේ එන්නේ.අපිට තියෙන්නේ installer එකෙන් software එක install කරන්න.ඊට පස්සේ Arduino Sketch එක config කරන්න තියෙන්නේ settings window එක හරහයි.අපි බලමු එක කොහොමද කරන්නේ කියල.




මෙතැනදී අපිට කලින් පොස්ට් වලදී වගේ Automation Connection Window එක open කරගන්න ඕනේ.ඊට පස්සේ wifi(0) කියන option එක click කරපුවහම wifi settings window එක open වෙනවා.

මෙතැනදී අපි අපේ computer එකට Arduino IDE එක install කරගෙන තියෙන්න ඕනේ.ඊට පස්සේ ,

1.මෙතන අපි type කරන්න ඕනේ අපේ wifi network එකේ නම (SSID).

2.මෙතන අපි type කරන්න ඕනේ අපේ wifi network එකේ password එක.

3.ඊට පස්සේ මේ save button එක click කරන්න.

එතකොට අපේ computer එකේ Arduino IDE එකේ library folder එකට මේ automation system එක වැඩකරන්න අවශ්‍ය කරන library folder එක copy වෙලා , automation system එකේ Arduino Sketch එක Arduino IDE එක හරහා open වෙනවා.ඊට පස්සේ අපිට තියෙන්නේ Arduino Board එක computer එකට connect කරලා IDE එකෙන් port එක select කරලා sketch file එක board එකට upload කරගන්න.



Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.