25.Alarm - Upgraded





ඔන්න මචන්ලා , මම අද මේ පොස්ට් එකෙන් පෙන්නන්නේ මම Alarm එකේ කරපු upgrade එක ගැනයි.කලින් Alarm එකේදී අපිට පුළුවන් එක දවසකට විතරක් එක Alarm එකක් set කරන්න විතරයි , එකේදිත් software එකේ දීල තියෙන tones කිහිපයක් විතරයි අපිට select කරන්න පුළුවන් කමක් තිබුනේ.

නමුත් මේ අලුත් upgrade එකේදී අපිට පහලින් කියල තියෙන දේවල් කරන්න පුළුවන්,

  • අපේ computer එකේ තියෙන song එකක් alarm tone එක විදිහට set කරන්න පුළුවන්.
  • දවස් කිහිපයකට alarm set කරන්න පුළුවන්.
  • එක දවසකට alarm කිහිපයක් සෙට් කරන්න පුළුවන්.

හරි දැන් අපි බලමු කොහොමද ඒ දේවල් කරගන්න පුළුවන් කියල.මම නම්බර පිළිවෙලට විස්තර කරන්නම්.



 උඩ තියෙන පින්තුරේ විදිහට,

0.මේ button එක click කිරීම මගින් අපිට අලුත් alarm එකක් add කරගන්න පුළුවන්.එතකොට පහල විදිහට window එකක් open වෙනවා.


 1.මෙම combo box එක click කිරීම මගින් අපිට අවශ්‍ය alarm tone එකක් select කරගන්න පුළුවන් වගේම , අපිට අවශ්‍යනම් අපේ පරිගණකයේ තියෙන සින්දුවක් උනත් අපිට tone එක විදිහට සෙට් කරගන්න පුළුවන් , "select a song" කියන item එක click කිරීම මගින්..


2.මෙම combo box එක click කිරීම මගින් අපිට අවශ්‍ය දවස select කරගන්න පුළුවන්.

 ඉන්පසු add කියන button එක click කිරීම මගින් අලුත් alarm record එකක් database එකට ඇතුලත් කරගන්නවා.


1.මෙම column එකේ අපි add කරගෙන තියෙන සියලුම alarm වල වේලාවන් ටික පෙන්නන්නවා.

2.මෙම column එකේ අපි add කරගෙන තියෙන සියලුම alarm වල දවස් ටික පෙන්නන්නවා.

3.මෙම column එකේ අපි add කරගෙන තියෙන සියලුම alarm වල title ටික පෙන්නන්නවා.

4.මෙම column එකේ අපි add කරගෙන තියෙන සියලුම alarm වල status ටික පෙන්නන්නවා.ඒවගේම තමයි අපිට කිසියම් alarm එකක් on හෝ off  කරන්න ඕනෙනම් අදාළ alarm record එකේ මෙම button එක click කරන්න.එතකොට ඒ alarm එක activate හෝ deactivate කරගන්න පුළුවන්.

5.මෙම column එකේ තියෙන remove button එක click කිරීම මගින් අපිට ඒ අදාළ alarm එක database එකෙන් remove කරගන්න පුළුවන්.


 ඒ වගේම තමයි , alarm එක ring වෙනකොට ඒ alarm එක stop කරන්නනම්, popup වෙන message window එක click කරන්න ඕනේ.එතකොට alarm එක stop වෙනවා.



Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.