00.Main Interface 01



අපි දැන් බලමු මේකේ පෙනුම කොහොමද කියල.මේ program එකට main interfaces දෙකක් තියෙනවා , ඒ වගේම themes 3ක් තියෙනවා.ඊට අමතරව අපිට මේ program එකේ font colors වෙනස් කරන්න පුළුවන්.
හරි අපි දැන් බලමු පලවෙනි interface එක කොහොමද සහ එකේ තියෙන අංග මොනාද  කියල.


 
ඔය උඩින් තියෙන්නේ මේ program එකේ මුල්  interface එක.
හරි අපි දැන් බලමු අංක පිළිවෙලට තියෙන අංග මොනාද , ඒවා වලින් වෙන්නේ මොකක්ද කියල.


0. Close Button
මේකෙන් කරන්නේ කව්රුත් දන්නවා වගේ මේ application එක close කරන එක. 

1. Settings Button
මේකෙන් කරන්නේ මේ application එකේ settings window එක open කරන එක. 

2. Playlist Button
මේකෙන් කරන්නේ Audio/Video Player එකේ Playlist එක open කරන එක.(Application එකේ Audio Mode on කරලා තිබ්බොත් playlist එකේ පෙන්නන්නේ mp3 සින්දු ටික, Video Mode on කරලා තිබ්බොත් playlist එකේ පෙන්නන්නේ mp4 ෆිල්ම් ටික)

3. Shuffle Button
මේ button එක click කිරීම මගින් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා playlist එකේ තියෙන සිංදු හෝ වීඩියෝස් කලවම් කරගැනීමට.ඒ වගේම shuffle on කරල තියෙද්දී සිංදු හෝ වීඩීයෝස් අහඹු ලෙස player එක විසින් play කරනු ලබයි.එක පාරක් button එක click කිරීමෙන්ද නැවත වරක් click කිරීමෙන් shuffle off ද වේ. 

4. Next Button
මේ button එක click කිරීම මගින් ඊලග සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි. 

5. Play Button 
මේ button එක click කිරීම මගින් සින්දු play කරගත හැකියි . 

6. Pause Button
මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව තාවකාලිකව නැවැත්විය හැකියි. 

7. Back Button
මේ button එක click කිරීම මගින් playlist එකේ තියෙන කලින් තිබ්බ සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි. 

8. Stop Button
මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව නැවැත්විය හැකියි. 

9. Volume Decrease Button
මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක අඩු කරගත හැකියි. 

10. Volume Increase Button
මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක වැඩි කරගත හැකියි. 

11. Music Player Title Bar
අපි play කරන සින්දුවේ title එක පෙන්නන්නේ මෙතැනයි.අපි මේ bar එක click කලොත් අපිට ඒ play වෙන සින්දුව තියෙන location එක open කරලා දෙනවා. 

12. Internet Connection Indicator
මේකත් button එකක් නෙමේ .අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවද නැද්ද කියල පෙන්නන්න indicator එකක්.අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවනම් කහ පාටින්ද නැත්තන් කොළ පාටින්ද පෙන්නයි. 

13. Listening Indicator.
මේක button එකක් නෙමේ indicator එකක්.ඕගොල්ලෝ මොනාහරි කියද්දී ඒ වචනය ග්‍රහණය කරගත්ත කියල පෙන්නන්න indicator එකක් තමයි මේ. 

14. Weather button
මෙම button එක click කිරීම මගින් weather report එක open කරනවා. 

15. Email Client.
මෙම button එක click කිරීම මගින් Email Client එක open කරනු ලබනවා. 

16. Video Mode Button.
මෙම button එක click කිරීම මගින් video mode on  කරනු ලබනවා. 

17. Quick Launch Panel Button.
මේකෙන් පුළුවන් Quick Launch Panel එක open කරගන්න. 

18. Command List Button.
මේකෙන් බලාගන්න පුළුවන් ඕගොල්ලෝ දීල තියෙන custom commands සහ system commands ටික.

අපි ඊලග පොස්ට් එකෙන් බලමු අනිත් interface එක කොහොමද කියල