01.Main Interface 02




අපි දැන් බලමු මේ program එකේ තියෙන අනිත් interface එක.සහ එකේ තියෙන අංග මොනාද කියල. මේ interface එකෙයි කලින් interface විශේෂ ලොකු වෙනස්කමක් නම් නැහැ.ලොකු වෙනසකට කියල තියෙන්නේ හැඩය සහ අමතර notification icons කිහිපයක් තියෙනවා.තව mp3 player එකට අදාල buttons ටික වෙනම slide එකකත් , අනෙක් buttons ටික තවත් slide එකකත් තමයි තියෙන්නේ.අපිට මේ slides දෙක toggle කරගැනීමට පුළුවන්.




හරි අපි දැන් බලමු අංක පිළිවෙලට තියෙන අංග මොනාද , සහ ඒවා වලින් වෙන්නේ මොකක්ද කියල.

0. Close Button 
මේකෙන් කරන්නේ කව්රුත් දන්නවා වගේ මේ application එක close කරන එක. 

1. Listening Indicator
මේක button එකක් නෙමේ indicator එකක්.ඕගොල්ලෝ මොනාහරි කියද්දී ඒ වචනය ග්‍රහණය කරගත්ත කියල පෙන්නන්න indicator එකක් තමයි මේ. 

2. Internet Connection Indicator
මේකත් button එකක් නෙමේ.අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවද නැද්ද කියල පෙන්නන්න indicator එකක්.අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවනම් කහ පාටින්ද නැත්තන් සුදු පාටින්ද පෙන්නයි. 

3. Alarm / Timer Indicator
මේකත් button එකක් නෙමේ .program එකේ alarm / timer එකක් active කරලා තියෙනවනම් මේ indicator එක කහ පාටින්ද නැත්තන් සුදු පාටින්ද පෙන්නයි. 

4. Mail Indicator
මේකත් button එකක් නෙමේ.මේ program එකේ තියෙන mail client එකට (අපි දීල තියෙන mail address) එකට අලුත් mail එකක් ආවහම / unread mail තියෙනවනම් ඒ බව දැනුම්දෙන්න තියෙන indicator එකක්. අලුත් mail / unread mail තියෙනවනම් කහ පාටින්ද නැත්තන් සුදු පාටින්ද පෙන්නයි. 

5. Audio Mode Button
මේ button එකෙන් කරන්නේ program එකේ audio mode එක on කරන එක.ඒ කියන්නේ audio mode උනහම මේකේ player එක වැඩ කරන්නේ mp3 player එකක් විදිහට.ඒ කියන්නේ play command එක දුන්නහම default  play කරන්නේ mp3 සින්දු විතරයි.ඒ වගේම තමයි playlist එකේ පෙන්නන්නේ audio files විතරයි.audio mode on උනහම මේ button එක කහ පාටින් highlight වෙලා indicate කරනවා.


6. Video Mode Button
මේ button එකෙන් කරන්නේ program එකේ video mode එක on කරන එක.ඒ කියන්නේ video mode on උනහම මේකේ player එක වැඩ කරන්නේ video player එකක් විදිහට.ඒ කියන්නේ play command එක දුන්නහම default  play කරන්නේ videos විතරයි.ඒ වගේම තමයි playlist එකේ පෙන්නන්නේ video files විතරයි.video mode on උනහම මේ button එක කහ පාටින් highlight වෙලා indicate කරනවා.


7. Settings Button
මේකෙන් කරන්නේ මේ application එකේ settings window එක open කරන එක.

8. Command List Button
මේකෙන් බලාගන්න පුළුවන් ඕගොල්ලෝ දීල තියෙන custom commands සහ system commands ටික.

9. Weather button
මෙම button එක click කිරීම මගින් weather report එක open කරනවා.

10. Toggle Button
මෙම button එක click කිරීම පහල තියෙන slide එක එලියට එනවා (දිග ඇරෙනවා) වගේම නැවත click කළහොත් slide එක ඇතුලට යනවා(හැකිලෙනවා).

11. Email Client
මෙම button එක click කිරීම මගින් Email Client එක open කරනු ලබනවා.

12. Quick Launch Panel Button
මේකෙන් පුළුවන් Quick Launch Panel එක open කරගන්න.

13. Volume Increase Button
මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක වැඩි කරගත හැකියි.

14. Volume Decrease Button
මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක අඩු කරගත හැකියි.

15. Next Button
මේ button එක click කිරීම මගින් ඊලග සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි.

16. Back Button
මේ button එක click කිරීම මගින් playlist එකේ තියෙන කලින් තිබ්බ සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි.

17. Toggle Button
මෙම button එක click කිරීම ඉහල තියෙන slide එක එලියට එනවා (දිග ඇරෙනවා) වගේම නැවත click කළහොත් slide එක ඇතුලට යනවා(හැකිලෙනවා).

18. Play Button
මේ button එක click කිරීම මගින් සින්දු play කරගත හැකියි . 

19. Pause Button
මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව තාවකාලිකව නැවැත්විය හැකියි.

20. Stop Button
මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව නැවැත්විය හැකියි.

21. Shuffle Button
මේ button එක click කිරීම මගින් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා playlist එකේ තියෙන සිංදු හෝ වීඩියෝස් කලවම් කරගැනීමට.ඒ වගේම shuffle on කරල තියෙද්දී සිංදු හෝ වීඩීයෝස් අහඹු ලෙස player එක විසින් play කරනු ලබයි.එක පාරක් button එක click කිරීමෙන්ද නැවත වරක් click කිරීමෙන් shuffle off ද වේ.

22. Playlist Button
මේකෙන් කරන්නේ Audio/Video Player එකේ Playlist එක open කරන එක.(Application එකේ Audio Mode on කරලා තිබ්බොත් playlist එකේ පෙන්නන්නේ mp3 සින්දු ටික, Video Mode on කරලා තිබ්බොත් playlist එකේ පෙන්නන්නේ mp4 ෆිල්ම් ටික)


අපි ඊලග පොස්ට් එකෙන් බලමු Settings Window එක ගැන.