02.Settings - 01 [ Commands ]







මේ තියෙන්නේ Settings Window එක.මෙතනින් තමයි මේ Application එකේ ඔක්කොම settings හදන්නේ.මේකේ settings categories 5ක් තියෙනවා ඒවා තමයි,

  • Voice Commands
  • General Settings
  • Automation Settings
  • mp3 Organizing Settings
  • Application Themes


මේ එක එක category එක හැටියට වෙන වෙනම Tabs තියෙනවා , අපි දැන් ඒ Tabs එකින් එක අරගෙන බලමු.


Voice Commands



මෙම  commands කියන කොටසින් තමයි අපි සියලුම voice commands application එකේ database එකට ඇතුලත් කරන්නේ සහ database එකේ තියෙන commands delete කරන්නේ.


දැන් බලමු අපිට මොන වගේ දේවල් කරගන්නද මේ commands දෙන්න පුළුවන් , ඒවට කොහොමද commands system එකට ඇතුලත් කරන්න පුළුවන් කියල .


1.program එකක් open කරන්න සහ open කරලා තියෙන program එකක් close කරන්න.

මුලින්ම අපි programs(0) කියන option එක select කරන්න ඕනේ .ඊට පස්සේ commands(4) කියන තැනට command එක type කරන්න.ඔය command එක දුන්නහම application එකෙන් මොකක්හරි ප්‍රතිචාරයක් දෙන්න ඕනේ නම් ඒ දෙන්න ඕනේ response එක response(5) කියන තැන type කරන්න.ඊට පස්සේ select (7) කියන button එක click කරලා open කරන්න ඕනේ program එක select කරන්න.අන්තිමට save button (9) එක click කලර command එක database එකට insert කරන්න.

දැන් බලමු අපි කොහොමද open කරලා තියෙන program එකක් close කරන්න command එකක් දෙන්නේ කියල.මේකෙදිත් කරන්නේ කලින් විදිහටමයි නමුත් අපි command එක ඉස්සරහින් අනිවාර්යයෙන් close කියන keyword එක දෙන්න ඕනේ.

අපි දැන් උදාහරණයක් වශයෙන්බලමු Microsoft word කියන
application එක open කරන්න සහ close කරන්න commands system එකට insert කරන්න ඕනේ කොහොමද කියල.



  • programs කියන option එක select කරන්න.
  • මම command එක විදිහට දෙනවා "open ms word" කියන command එක.
  • මම response කියන තැනට දෙනවා "opening microsoft word" කියන response එක.
  • select button එක click කරලා winword.exe කියන file එක "C:\Program Files (x86)\Microsoft Office\Office12\WINWORD.EXE" කියන path එකෙන්select කරලා දෙනවා.
  • save button එක click කරනවා.
 මේ විදිහටම close command එකට
  • programs කියන option එක select කරන්න.
  • මම command එක විදිහට දෙනවා "close ms word" කියන command එක.
  • මම response කියන තැනට දෙනවා "closing microsoft word" කියන response එක.
  • select button එක click කරලා winword.exe කියන file එක "C:\Program Files (x86)\Microsoft Office\Office12\WINWORD.EXE" කියන path එකෙන්select කරලා දෙනවා.
  • save button එක click කරනවා.
 දීල save button එක click කරනවා.


2.web site එකක් open කරන්න.

 මුලින්ම අපි web sites(2) කියන option එක select කරන්න ඕනේ .ඊට පස්සේ commands(4) කියන තැනට command එක type කරන්න.ඔය command එක දුන්නහම application එකෙන් මොකක්හරි ප්‍රතිචාරයක් දෙන්න ඕනේ නම් ඒ දෙන්න ඕනේ response එක response(5) කියන තැන type කරන්න.ඊට පස්සේ location (6) කියන තැනට අපිට open කරන්න web site එකේ ලින්ක් එක type කරන්න ඕනේ.අන්තිමට save button (9) එක click කලර command එක database එකට insert කරන්න.

අපි දැන් උදාහරණයක් වශයෙන්බලමු Facebook web site  එක open කරන්න ඕනේ command එක system එකට insert කරන්න ඕනේ කොහොමද කියල.


  • web sites කියන option එක select කරන්න.
  • මම command එක විදිහට දෙනවා "open facebook" කියන command එක.
  • මම response කියන තැනට දෙනවා "opening facebook" කියන response එක.
  • location කියන තැන type කරනවා "www.facebook.com" කියල.
  • save button එක click කරනවා.


3.අපේ පරිගණකයේ තියෙන folder එකක් open කරගන්න.


මුලින්ම අපි Directories(1) කියන option එක select කරන්න ඕනේ .ඊට පස්සේ commands(4) කියන තැනට command එක type කරන්න.ඔය command එක දුන්නහම application එකෙන් මොකක්හරි ප්‍රතිචාරයක් දෙන්න ඕනේ නම් ඒ දෙන්න ඕනේ response එක response(5) කියන තැන type කරන්න.ඊට පස්සේ select (7) කියන button එක click කරලා open කරන්න ඕනේ folder එක select කරන්න.අන්තිමට save button (9) එක click කලර command එක database එකට insert කරන්න.

අපි දැන් උදාහරණයක් වශයෙන්බලමු D: කියන partition එකේ තියෙන Movies කියන folder  එක open කරන්න ඕනේ command එක system එකට insert කරන්න ඕනේ කොහොමද කියල.


  • Directories කියන option එක select කරන්න.
  • මම command එක විදිහට දෙනවා "open movies folder" කියන command එක.
  • මම response කියන තැනට දෙනවා "very well sir" කියන response එක.
  • select button එක click කරලා "D:\Movies" කියන path එකෙන් folder එක select කරලා දෙනවා.
  • save button එක click කරනවා.

 4.මේ system එකත් එක්ක පොඩ්ඩක් කතා කරන්න.

මේකනම් අපිට කිසිම වැඩක් කරගන්න තියෙන  option එකක් නෙමෙයි , මේකෙන් කරන්නේ අපි කලින් දීල තියෙන command එක විදිහට අපිම දීල තියෙන response එක කරන එකයි.

උදාහරණයක් විදිහට ගත්තොත්,


  • Social කියන option එක select කරන්න.
  • මම command එක විදිහට දෙනවා "how are you" කියන command එක.
  • මම response කියන තැනට දෙනවා "i am fine thank you" කියන response එක.
  • save button එක click කරනවා.

මෙහෙම දීල අපි how are you කියන ප්‍රශ්නය ඇහුවොත් අපි දීල තියෙන විදිහට i am fine thank you කියන response එක දෙනවා.

 හරි අපි දැන් voice commands insert කරන වැඩේ ඔක්කොම බැලුව .අපි දැන් බලමු කොහොමද database එකේ තියෙන command එකක් delete කරන්නේ කියල.එක හරිම ලේසි.

අපිට කරන්න තියෙන්නේ command කියන තැන type කරන්න ඕනේ අපිට delete කරන්න ඕනේ command එක , ඊට පස්සේ delete (10) කියන button එක click කරන්න.

තව දෙයක් තමයි මේ system එකේ by default commands කීපයක් තියෙනවා.මම ඒවා පහලින් දාන්නම් , command එක මොකක්ද එකෙන් මොනාද වෙන්නේ කියල.



wake up
මෙම විධානය මගින් මේ application එක ඔයාගේ විධාන වලට සවන් දීම අරභනවා. 

stop listening
මෙම විධානය මගින් මේ application එක ඔයාගේ විධාන වලට සවන් දීම නවත්වනවා. 

music 
මෙමගින් අපේ playlist එකට load කරන් තියෙන mp3 files ටික play කරන්න ගන්නවා. 

pause 
මෙම විධානය මගින් කරන්නේ mp3 file එකක් හෝ mp4 file එකක් play වෙනවනම් ඒක pause කරන එක. 

resume 
මෙම විධානය මගින් , pause කරලා තියෙන mp3 file එකක් හෝ mp4 file එකක් නැවත play කරන්න පටන් ගන්නවා. 

next 
මෙම විධානය මගින් , mp3 file එකක් හෝ mp4 file එකක් play වෙනවනම් , ඊට පසුව playlist එකේ තියෙන file එක play කරනවා. 

back 
මෙම විධානය මගින් , mp3 file එකක් හෝ mp4 file එකක් play වෙනවනම් , ඊට කලින් playlist එකේ තියෙන file එක play කරනවා. 

stop

මෙමගින් play කරමින් තියෙන සින්දුව හෝ වීඩියෝ එක play කිරීම නවත්වනු ලබනවා. 

shuffle on

මෙමගින් playlist එකේ තියෙන සින්දු හෝ වීඩියෝස් play කරද්දී ඒවා කලවම් කිරීමකට ලක් කරනවා. 

shuffle off

මෙමගින් playlist එකේ තියෙන සින්දු හෝ වීඩියෝස් play කරද්දී ඒවා කලවම් කිරීම නවත්වා පිළිවෙලට play කිරීමට සලස්වනවා. 

start video
මෙමගින් වීඩියෝ player එක open කරනු ලබනවා. 

video off
මෙම විධානය මගින් Video player එක close කරන්න පුළුවන්. 

volume up
මෙම විධානය මගින් අපේ Application එකේ sound වැඩි කරගන්න පුළුවන්. 

volume down
මෙම විධානය මගින් අපේ Application එකේ sound අඩු කරගන්න පුළුවන්.

playlist
මෙමගින් mp3/mp4 playlist එක open කරනවා. 

close playlist
මෙමගින් open කරලා තියෙන playlist window එක close කරනවා. 

settings
මෙමගින් settings window එක open කරන එකයි. 

close settings
මෙමගින් open කරලා තියෙන settings window එක close කරනවා.

commands
මෙමගින් අපි application එකට දීල තියෙන custom commands සහ system commands ටික බලාගන්න පුළුවන්. 

close commands
මෙම විධානය මගින් open කරලා තියෙන command ලිස්ට් window එක close කරනවා. 

quick launch panel
මෙමගින් quick launch panel window එක open කරනු ලබනවා. 

close quick launch
මෙමගින් open කරලා තියෙන quick launch panel window එක close කරනවා. 

weather
මෙමගින් weather report window එක open කරනවා. 

close weather
මෙම විධානය මගින් Weather Window එක close කරනවා. 

watched list
මෙමගින් ඔය play කරපු videos හා ඒවා play කරපු වාර ගණන පෙන්වන window එක open කරනවා. 

close watched list
මෙම විධානය මගින් recently played videos window එක close කරනවා. 

picture library
මෙමගින් picture viewer window එක open කරනවා. 

close picture library
මෙමගින් open කරලා තියෙන picture viewer window එක close කරනවා. 

check mail
මෙම විධානය මගින් Email client එක open කරලා අපි දීල තියෙන mail address එකේ තියෙන සියලුම unread mails ලිස්ට් එකකට ඇතුලත් කරගන්නවා. 

close mail
මෙම විධානය මගින් open කරලා තියෙන Email client එක close කරලා දානවා. 

alarm
මෙමගින් Alarm/Timer window එක open කරනවා. 

close alarm
මෙම විධානය මගින් Alarm/Timer window එක open කරනවා. 

tag editor
මෙමගින් mp3 files වල tags edit window එක open කරයි. 

close tag editor
මෙමගින් mp3 files වල tags edit window එක close කරයි. 

device controller
මෙම විධානය මගින් කරන්නේ. බාහිර උපාංග හැසිරවීම සදහා තියෙන window (Control Panel) එක open කිරීමයි. 

close device controller
මෙම විධානය මගින් කරන්නේ. බාහිර උපාංග හැසිරවීම සදහා තියෙන window (Control Panel) එක close කිරීමයි. 

my pocket
මෙමගින් my pocket කියන අය වැය ගණනය කරන්න යොදාගන්න application එක open කරනු ලබනවා. 

close my pocket
මෙමගින් my pocket window එක close කරනු ලබයි. 

read
මෙම විධානය මගින් select කරලා තියෙන text එකක් මේකෙන් කියවනවා , එහෙම නැත්තන් Email client එකේ අපි select කරලා තියෙන mail එක කියවනවා. 

stop reading
මෙමගින් මේ application එක කියනවා දේ කියවීම නවතනවා. 

automation on
මෙම විධානය මගින් පරිගණකයට Automation පරිපථයක් සම්බන්ධ කරලා තියෙනවනම් එකත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන බාහිර විදුලි උපකරණ හැසිරවීමට හැකි වෙනවා. 

automation off
මෙම විධානය මගින් පරිගණකයට Automation පරිපථයක් සම්බන්ධ කරලා සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවනම් ඒ සම්බන්ධතාවය නැති කරලා දානවා. 

come up
මෙම විධානය මගින් අපේ Application (main user interface) එක අනිත් ඔක්කොම windows වල උඩට ගේනවා , එහෙම නැත්තන් Video එකක් play වෙන වෙලාවක නම් ඒ Video window එක task bar එකට minimize කරලනම් Video window එක maximize කරනවා. 

go down
මෙම විධානය මගින් අපේ Application (main user interface) එක අනිත් ඔක්කොම windows වල පහලට ගේනවා , එහෙම නැත්තන් Video එකක් play වෙන වෙලාවක නම් ඒ Video window එක task bar එකට minimize කරනවා. 

how is weather
මේකෙන් කරන්නේ අපි දීල තියෙන City  එකට අදාල වර්තමාන කාලගුණ තත්වය voice එකකින් කියනවා. 

what is today day
මෙමගින් ඔයාගේ පරිගනකයේ වර්තමාන දවස කියනු ලබනවා. 

whats the date
මෙමගින් ඔයාගේ පරිගනකයේ වර්තමාන දිනය කියනු ලබනවා. 

whats the time
මෙමගින් ඔයාගේ පරිගනකයේ වර්තමාන වෙලාව කියනු ලබනවා. 

exit
ඕගොල්ලෝ කව්රුත් දන්නවා වගේ මේකෙන් කරන්නේ මෘදුකාංගය close කරල දාන එක.




තව අපිට ඕනෙනම් මේ තියෙන system commands වෙනස් කරගන්න පුළුවන් , එක කරන්න නම් system commands (8) කියන button එක click කරන්න ඕනේ , එතකොට පහල විදිහට window එකක් open වෙනවා.




ඊට පස්සේ අපිට අවශ්‍ය විදිහට අදාල commands සහ responses වෙනස් කරලා save කියන button එක click කරන්න තියෙන්නේ.









ඊලග පොස්ට් එකෙන් බලමු ඊලග tab වෙන configuration වල කොහොමද general settings හදන්නේ කියල.