19.Home Automation - 01







මම දැන් පෙන්නම් speech recognition system එකත් එක්ක connect කරලා බාහිර විදුලි උපකරණ හසුරුවන්න පුළුවන් automation system unit එක හදාගන්න හැටි.




අවශ්‍ය උපකරණ. 

1.Arduino Board 
2.ESP8622 wireless module
3.8 Channel 5v relay module
4.5v to 3.3v dc to dc converter
5.FTDI usb to serial converter
6.male to female jumper wires
7.bread board



මම මුලින්ම කතා කරන්නම් ESP8622 Wireless Module එක ගැන.මොකක්ද මේ module එක මොකක්ද මේකෙන් කරන්න පුළුවන්? ඇත්තටම කිව්වොත් අපිට මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්.ඔගොල්ලන් youtube එකේ search කරලා බැලුවොත් ඕගොල්ලන්ට බලාගන්න පුලුවන් මේ module එකෙන් කරන්න පුළුවන් සුපිරි වැඩ ටිකක්.අපිට වයි-ෆයි හරහා මොනාහරි දෙයක් කරන්න ගන්න පුළුවන් අඩුම වියදමක් යන ක්‍රමයක් තමයි මේ ESP8622 කියන module එක භාවිතා කරන එක.මේ module එකේ වර්ග කීපයක්ම ගන්න තියෙනවා.නමුත් මම මේ අවස්ථාවේදී කතා කරන්නේ ESP8622 – ESP-01 කියන module එක ගැනයි.ඔය පහලින් තියෙන්නේ ඒ module එකේ wiring diagram එකයි.


මේ module එකේ pins 8ක් තියෙනවා.නමුත් මේ project එකට බාවිතා කරන්නේ pins කීපයක් පමණයි.මම ඒ මොනාද කියල පෙන්නන්නම්.  

  • VCC - මේ පින් එකට තමයි අපි + 3.3V ධන අග්‍රය connect කරන්නේ. (වැරදිලාවත් මෙතනට 5V දෙන්න එපා , මොකද මේ module එක වැඩකරන්නේ 3.3V වලින්.)
  • GND - මේ පින් එකට තමයි අපි - ඍන අග්‍රය connect කරන්නේ.
  • CH_PD - මේ module එක activate කිරීම සදහා මේ පින් එකටත් අපි + 3.3V අග්‍රයක් connect කරන්න ඕනේ.
  • RXD - මේ පින් එක අපි සම්බන්ද කරගන්න ඕනේ Arduino එකේ TX පින් එකට.
  • TXD - මේ පින් එක අපි සම්බන්ද කරගන්න ඕනේ Arduino එකේ RX පින් එකට.


හරි අපි දැන් බලමු කොහොමද මේ module එක configure කරගන්නේ කියල.මේකට අපිට ඕන වෙනවා FTDI usb to serial converter එක.ඊට පස්සේ පහළ පින්තුරයේ විදිහට ඔක්කොම components ටික සම්බන්ද කරගන්න.





  • FTDI Adapter +5V Pin to 5V to 3.3V DC to DC Converter +VIN Pin.
  • FTDI Adapter GND Pin to 5V to 3.3V DC to DC Converter -VIN Pin.
  • 5V to 3.3V DC to DC Converter +VOUT Pin to ESP8622 VCC Pin.
  • 5V to 3.3V DC to DC Converter -VOUT Pin to ESP8622 GND Pin.
  • 5V to 3.3V DC to DC Converter +VOUT Pin to ESP8622 CH_PD Pin.
  • FTDI Adapter RX Pin to ESP8622 TX Pin.
  • FTDI Adapter TX Pin to ESP8622 RX Pin.


ඊට පස්සේ  FTDI Converter එක පරිගණකයට connect කරගන්න.ඊට පස්සේ device manager open කරගන්න.




 
ඊට පස්සේ ports  යටතේ තියෙන com port name එක බලාගන්න.(මගේ  FTDI  එක COM4).


ඊට පස්සේ Arduino IDE එක open කරගන්න


 
 

Tools > Port වලට ගිහින් ඔයාගේ FTDI එක connect කරලා තියෙන port එක select කරන්න.ඊට පස්සේ serial monitor එක open කරගන්න.




ඊට පස්සේ උද පින්තුරේ විදිහට 

  • Baud Rate එක 115200 හෝ 9600 කියල select කරගන්න ( සමහර module වල baud rate එක 9600 විදිහට එනවා , එත් සමහර එවල 115200 කියල එන්නේ.)
  • අනිත් option එක Both NL & CR කියල select කරගන්න



ඊට පස්සේ AT කියන command එක type කරලා enter කරන්න.එතකොට OK කියල message එකක් එන්න ඕනේ.ඒ කියන්නේ module එක හරියට connect කරලා වගේම හරියට වැඩ කරනවා.

ඊට පස්සේ AT+GMR කියන command එක type කරලා enter කරන්න.



මෙතනදී ඔයාලට පෙන්නනවා module එකේ install කරලා තියෙන firmware version එක මොකක්ද කියල.
(මගේ module එක 001800902 කියල පෙන්නන්නේ මම module එක firmware එක update කරලා තියෙන්නේ)


 module එකේ firmware එක 902 ට අඩුයි නම් අපි firmware upgrade එකක් කරගන්න ඕනේ. එකට මේ පහල තියෙන ලින්ක් එකෙන් firmware එකයි flasher එකයි download කරගන්න.



ඊට පස්සේ module එකේ GPIO0 කියන pin එක GND එකට connect කරගන්න ඕනේ.



ඊට පස්සේ download කරගත්ත flasher එක open කරගන්න.Arduino IDE එක close කරන්න.





ඊට පස්සේ උඩ තියෙන පින්තුරේ විදිහට ,

  •  Bin කියන button එක click කරලා download කරගත්ත firmware එක select කරන්න.
  • ඊට පස්සේ port එක type කරන්න.
  • ඊට පස්සේ Download කියන button එක click කරන්න.  


 එතකොට ඔයාලට පෙනෙයි module එකට data write වෙන හැටි සහ module එකේ නිල් පාටට led bulb එකක් blink වෙනවා.


ඊට පස්සේ ඔක්කොම write උනාට පස්සේ 99% න් නවතිනවා.එතකොට flasher එක close කරලා GPIO0 කියන pin එක GND එකෙන් remove කරන්න.


ඊට පස්සේ අයෙත් Arduino IDE එක open කරගන්න.ඊට පස්සේ අපි module එකේ baud rate එක 9600ට වෙනස් කරගමු එකට serial monitor එකේ AT+UART_DEF=9600,8,1,0,0 කියන command එක type කරලා enter කරන්න.(සමහර වෙලාවට firmware upgrade කරහම baud rate එක 9600ට වෙනස් වෙනවා.ඒ වෙලාවට baud rate ආයෙත් වෙනස් කරන්න ඕන වෙන්නේ නැහැ , වගේම තමයි serial monitor එකේ baud rate එක 9600 හැටියට change කරගන්න.)


 හරි අපි ඊලග පොස්ට් එකෙන් බලමු කොහොමද Home Automation System Unit එක එකලස් කරගන්නේ කියල.