28.Home Automation - 08




ඔන්න මම අද පෙන්නන්න යන්නේ speech recognition software එකට එකතු කරපු අලුත්ම අංගය ගැනයි.ඕගොල්ලන්ට මතක ඇති මම කලින් පොස්ට් එකේදී (Home Automation - 07) හදපු sensor unit එක ගැන.මේ අලුත් අංගය link වෙන්නේ ඒ sensor unit එකේ ක්‍රියාකාරිත්වය සදහායි.අපි දැන් බලමු මේකෙන් මොකක්ද වෙන්නේ කියල.



 මේක වැඩ කරන හැටි කියන්න කලින් මම ඔයාලට sensor unit එක ගැන මතුවෙන පොඩි ප්‍රශ්නයක් ගැන පැහැදිලි කිරීමක් කරන්නම්.ඕගොල්ලන්ට හිතෙන්න ඇති අපි sensor unit එක ගෙදර lights එක්ක connect කරාට පස්සේ , අපිට අවශ්‍ය වෙලාවටයි අනවශ්‍ය වෙලාවටයි කියන දෙවේලටම lights on/off  වෙනවා කියන එක ගැන.ඒ කිව්වේ , අපි දවල් වෙලාවක room එකකට ගියත් ඒ room එකේ light එක on වෙනවා.ඇත්තටම ඒක නිශ්ඵල දෙයක්.හරිනම් මේ unit එක්ක වැඩ කරන්න ඕනේ දවසේ කාලයත් එක්ක.ඒ කිව්වේ අපිට lights දාන්න අවශ්‍යම වෙලාවට විතරයි මේ unit එක මගින් lights on කරන්න ඕනේ.සරලවම කිව්වොත් අපි ගෙදර lights on කරන්නේඅදුරු අවස්ථාවන් වලදී විතරයි ඒ කිව්වේ , උදේ පාන්දර සහ හවස් වෙලාවට , ඒ වගේම අපි නිදාගන්න වෙලාවටත් room එකේ lights off වෙන්න ඕනේ.අන්න ඒ ප්‍රශ්නෙට විසදුමක් විදිහට තමයි මේ අංගය මම speech recognition system එකට එකතු කලේ.මේකෙන් කරන්නේ අපිට අවශ්‍ය කාල පරතරයන් දෙකකදී විතරක් මේ sensor unit එක මගින් rooms වල lights on/off කරන වැඩේ කරන එකයි.අනිත් වෙලාවට මේ sensor unit එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

අපි දැන් බලමු එක කොහොමද කරන්නේ කියල.





මේ sensor scheduler window එක අපිට open කරගන්න පුළුවන් වෙන්නේ, device scheduler window එකේ තියෙන sensor scheduler (1) කියන button එක click කිරීම මගින්.එතකොට sensor scheduler window එක open වෙනවා පහල රුපයේ විදිහට.

  
මේ උඩ තියෙන පින්තුරයේ විදිහට මම නම්බර විදිහට පැහැදිලි කරලා දෙන්නම් මේක වැඩ කරන විදිහ ගැන.

මෙතැනදී අපිට කාල පරතරයන් දෙකක් අපිට system එකට insert කරලා දෙන්න පුළුවන්.ඒ කිව්වේ යම් වෙලාවක සිට යම් වෙලාවක් දක්වා sensor unit එක ක්‍රියාත්මක වෙන්න කියල.

මේ window එකේ උඩ කොටසින් අපිට ලබාදෙන්න පුළුවන් උදේ වරුවේදී වැඩ කරන්න ඕනේ කාල පරතරය.මෙතැනදී ,

1.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක ක්‍රියාත්මක වීම පටන් ගන්න ඕනේ වෙලාවේ පැය ප්‍රමාණය.

2.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක ක්‍රියාත්මක වීම පටන් ගන්න ඕනේ වෙලාවේ මිනිත්තු ප්‍රමාණය.

3.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක අක්‍රිය වෙන්න  ඕනේ වෙලාවේ පැය ප්‍රමාණය.

4.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක අක්‍රිය වෙන්න  ඕනේ වෙලාවේ මිනිත්තු ප්‍රමාණය. 


මේ window එකේ පහල කොටසින් අපිට ලබාදෙන්න පුළුවන් හවස් වරුවේදී වැඩ කරන්න ඕනේ කාල පරතරය.මෙතැනදී , 


5.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක ක්‍රියාත්මක වීම පටන් ගන්න ඕනේ වෙලාවේ පැය ප්‍රමාණය.

6.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක ක්‍රියාත්මක වීම පටන් ගන්න ඕනේ වෙලාවේ මිනිත්තු ප්‍රමාණය.

7.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක අක්‍රිය වෙන්න  ඕනේ වෙලාවේ පැය ප්‍රමාණය.

8.මෙතනින් අපි select කරන්න ඕනේ sensor unit එක අක්‍රිය වෙන්න  ඕනේ වෙලාවේ මිනිත්තු ප්‍රමාණය.
 

ඊට පස්සේ save button (9) එක click කරන්න ඕනේ.එතකොට එම කාල පරතයන් system එකට insert කරගන්නවා.


මම දැන් උදාහරණයක් අරගෙන පෙන්නන්නම් කොහොමද මේක වැඩ කරන්න කියල.

මට ඕනේ කරනවා උදේ 5.00 සිට උදේ 6.30 වෙනකන් sensor unit එක ක්‍රියාත්මක වෙන්න සහ නැවතත් හවස 6.00 සිට රෑ 10.30 වෙනකන් sensor unit එක වැඩකරන්න.ඒ කිව්වේ මේ කාල පරතරයන් අතරේදී පමණයි unit එක active වෙලා automatically lights on/off වෙන්නේ.


එකට මම කරන්නේ ,

උදේ වෙලාවට අවශ්‍ය settings හදන්න නම්,

start time : 5.00Am

1 කියන තැනින් select කරනවා 05 කියන figure එක.
2 කියන තැනින් select කරනවා 00 කියන figure එක.

end time : 6.30Am

3 කියන තැනින් select කරනවා 06 කියන figure එක.
4 කියන තැනින් select කරනවා 30 කියන figure එක.


හවස වෙලාවට අවශ්‍ය settings හදන්න නම්,

start time : 6.00Pm

5 කියන තැනින් select කරනවා 06 කියන figure එක.
6 කියන තැනින් select කරනවා 00 කියන figure එක.

end time : 10.30Pm

7 කියන තැනින් select කරනවා 10 කියන figure එක.
8 කියන තැනින් select කරනවා 30 කියන figure එක.



මෙන්න මේ විදිහට settings (figures) select කරලා save button(9) එක click කරනවා. 

මම හිතනවා ඔයාලට මේක කරන හැටි ගැන තේරෙන්න ඇති කියල.


ඊට පස්සේ Introduction page එකට ගිහින් latest software එක download කරගෙන install කරගන්න.එක install කරන්න කලින් C:\HBSN කියන folder එකේ තියෙන පහත සදහන් files ඔක්කොම backup කරගන්න.

  • Attachment.dll
  • Automation.dll
  • Database.accdb
  • HBSN.grammar
  • Location.dll
  • Mail.dll
  • Music.dll
  • Output.dll
  • Picture.dll
  • Rename.dll
  • Sort.dll
  • Theme.dll
  • Video.dll
  • Voice.dll


 ඊට පස්සේ software එක install කරගත්තට පස්සේ
Schedule.dll කියන ෆයිල් එක ඇරෙන්න අනිත්  files ඔක්කොම ටික නැවතත් C:\HBSN කියන folder එකට copy කරගන්න  .නැත්තන් ඔයාලට සිද්ද වෙනවා software එකේ කලින් දීල තිබ්බ commands වගේම ඔක්කොම settings නැවතත් හදන්න.

 ඊට පස්සේ Home Automation - 04  එකේ විදිහට connection details දාලා save button එක click කරන්න , එතකොට පහත විදිහට Arduino Files 2ක් open වෙයි.


  • Control_Unit.ino
  • Sensor_Unit.ino

මෙතැනදී Control_Unit.ino කියනsketch එක main control unit එකට upload කරගන්න.දැන් වැඩේ ඔක්කොම හරි දැන් තියෙන්නේ unit දෙකටම power-up කරලා වැඩ ගන්න.


Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.

   


27.Home Automation - 07



අපි දැන් බලමු කොහොමද home automation system එකේ sensor unit එක හදාගන්නේ කියල.අපිට මේකට පහත උපකරණ ඕන කරනවා.


  • Arduino Nano -1
  • PIR Snesor -8
  • RF Transmitter -1



ඉහත රුපයේ විදිහට modules ටික එකට එක සම්බන්ද කරගන්න ඕනේ.

 Connections



  • Arduino Board එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • Arduino Board එකේ GND pin එකට GND connectකරගන්න.
  • RF Transmitter එකේ Data pin එක  Arduino Board එකේ D2 පින් එකට connect කරගන්න.
  • RF Transmitter එකේ VCC pin එකට 5V connect කරගන්න.
  • RF Transmitter එකේ GND pin එකට GND connect කරගන්න.
  • පලවෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D3 පින් එකට connect කරගන්න.
  • පලවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • පලවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
  • දෙවෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D4 පින් එකට connect කරගන්න.
  • දෙවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • දෙවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
  • තුන්වෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D5 පින් එකට connect කරගන්න.
  • තුන්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • තුන්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
  • හතරවෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D6 පින් එකට connect කරගන්න.
  • හතරවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • හතරවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
  • පස්වෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D7 පින් එකට connect කරගන්න.
  • පස්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • පස්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
  • හයවෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D8 පින් එකට connect කරගන්න.
  • හයවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • හයවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
  • හත්වෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D9 පින් එකට connect කරගන්න.
  • හත්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • හත්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
  • අටවෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D10 පින් එකට connect කරගන්න.
  • අටවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • අටවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.



 හරි දැන් පරිපථය හදාගෙන ඉවරයි.අපිට දැන් තියෙන්නේ මේ PIR sensor එකක් එක කාමරයකට / ස්ථානයකට බැගින් ස්ථාන/කාමර 8ක පිටතට නිරාවරණය වෙන පරිදි සවි කරගන්න.


ඊට පස්සේ Introduction page එකට ගිහින් latest software එක download කරගෙන install කරගන්න.එක install කරන්න කලින් C:\HBSN කියන folder එකේ තියෙන පහත සදහන් files ඔක්කොම backup කරගන්න.


  • Attachment.dll
  • Automation.dll
  • Database.accdb
  • HBSN.grammar
  • Location.dll
  • Mail.dll
  • Music.dll
  • Output.dll
  • Picture.dll
  • Rename.dll
  • Schedule.dll
  • Sort.dll
  • Theme.dll
  • Video.dll
  • Voice.dll


 ඊට පස්සේ software එක install කරගත්තට පස්සේ ඒ files ටික නැවතත් C:\HBSN කියන folder එකට copy කරගන්න.නැත්තන් ඔයාලට සිද්ද වෙනවා software එකේ කලින් දීල තිබ්බ commands වගේම ඔක්කොම settings නැවතත් හදන්න.

ඊට පස්සේ Home Automation - 04  එකේ විදිහට connection details දාලා save button එක click කරන්න , එතකොට පහත විදිහට Arduino Files 2ක් open වෙයි.


  • Control_Unit.ino
  • Sensor_Unit.ino

මෙතැනදී Control_Unit.ino කියනsketch එක main control unit එකට upload කරගන්න.ඒ වගේම Sensor_Unit.ino කියන sketch එක sensor unit එකට upload කරගන්න.


දැන් වැඩේ ඔක්කොම හරි දැන් තියෙන්නේ unit දෙකටම power-up කරලා වැඩ ගන්න.









Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.





26.Home Automation - 06



ඔන්න මචන්ලා මම අද පෙන්නන්න හදන්නේ Home Automation එකේ අලුත් upgrade එකක් ගැනයි.මේකෙදි වෙන්නේ අපි ගෙදර කාමරයක් ඇතුලට යද්දී ඒ කාමරේ තියෙන light එක automatically on වෙන්න සහ අපි කාමරෙන් එලියට ආවහම ඒ light එක automatically off වෙන්නයි.ඒ වගේම අපිට පුළුවන් මේක මගින්ම ගෙදර water tank එකේ වතුර level එක අඩු වෙද්දී මෝටරය ඉබේම on වෙලා , ඊට පස්සේ tank එක fill උනහම මෝටරය ඉබේම off වෙන්න හදන්න.දැන් මම පෙන්නන්නම් මේක හදන්න මොනාද ඕන කරන උපකරණ කියල.

Item List 


  • Arduino Nano Board - 2
  • 5V to 3.3V DC step-down converter - 1
  • ESP8622 WiFi Module - 1
  • I2C OLED display - 1
  • 74HC595 Shift Register - 2
  • 8Channel 5V Relay Module - 2
  • RF Link Transmitter / Receiver set - 1
  • PIR Sensor - 8
  • Female Single Pin Headers
  • Wires
  • Prototyping Board (Dot Board) - 1 Or 2

Ebay Links


 හරි අපි දැන් බඩු ටික ගත්තට පස්සේ බලමු මොකක්ද කරන්න තියෙන්නේ කියල.මෙතැනදී මේ වැඩේ කරන්නේ වෙන වෙනම units 2කින්.ඒවා තමයි.

  • Main Control Unit
  • Sensor Unit 

මෙතැනදී main control unit එක ගැන මම කලින් පොස්ට් වලදී කියල දුන්න.අලුත් දේකට කතා කරන්න තියෙන්නේ sensor unit එක ගැනයි.මෙන්න මේ unit එකෙන් තමයි කාමර වල lights on off කරන වැඩේ කරන්නේ.මේ වැඩේ කරන්නේ PIR sensor වලින්.අපි මේ PIR sensor එක කාමරයට එක ගානේ කාමර 8කට සවි කරගන්න ඕනේ.මෙතැනදී වෙන්නේ කාමරයට කව්රු හරි හෝ පන ඇති දෙයක් (සතෙක්) අවොත් ඒ අදාලා පුද්ගලයාගෙන් හෝ සතාගේ ඇගෙන් පිටවෙන infrared කිරණ ග්‍රහණය කරගන්නවා.එහෙම infrared කිරණ ග්‍රහණය උනොත් , ඒ කියන්නේ කාමරයට කව්රුහරි ආවහම , sensor unit එකෙන් signal එකක් control unit එකට transmit කරනවා.ඊට පස්සේ control unit එකෙන් check කරනවා ඒ receive උන සිග්නල් එක මොන sensor එකට අදාළ signal එකක්ද කියල බලල ඒ sensor එකට අදාළ කාමරේ light එක on කරනවා.ඒ වගේම තමයි කාමරේට ඇතුල් උන කෙනා කාමරෙන් පිට උනහමත් කලින් ක්‍රියාදාමයම සිද්ද වෙලා කාමරේ light එක off කරනවා.

අපි දැන් බලමු කොහොමද මේ unit දෙක common prototyping board (ලංකාවේ ඉලෙක්ට්‍රොනික් කඩවලින් ඩොට් බෝඩ් කියල ඉල්ලුවහම මේ බෝඩ් එක ගන්න පුළුවන්) එකක එකලස් කරගන්නේ කියල.

අපි මුලින්ම බලමු main control unit එක හදාගන්නේ කියල.අපිට මේකට ඕනේ වෙනවා.


  • Arduino Nano Board -1
  • DC Step Down Converter -1
  • OLED Display -1
  • ESP8266 WiFi Module -1
  • 8 Channel Relay Module -2
  • 74HC595 Shift Register -2
  • RF Receiver -1






ඉහත රුපයේ විදිහට modules ටික එකට එක සම්බන්ද කරගන්න ඕනේ.

 Connections


  • ESP8266 module එකේ TX pin එක Arduino බෝඩ් එකේ D2 pin එකට connect කරන්න.
  • ESP8266 module එකේ RX pin එක Arduino බෝඩ් එකේ D3 pin එකට connect කරන්න.
  • DC to DC converter එකේ +VOUT පින් එක ESP8622 module එකේ VCC සහ CH_PD එකටත් connect කරන්න.
  • DC to DC converter එකේ -VOUT පින් එක ESP8622 module එකේ GND එකට connect කරන්න.
  • Display එකේ VCC පින් එක dc to dc Converter එකේ +VOUT පින් එකට connect කරන්න.
  • Display එකේ GND පින් එක dc to dc Converter-VOUT පින් එකට connect කරන්න.
  • Display එකේ SCL පින් එක Arduino එකේ A5 පින් එකට connect කරන්න.
  • Display එකේ SDA පින් එක Arduino එකේ A4 පින් එකට connect කරන්න.
  • පලවෙනි Shift Register එකේ DS(14) පින් එක Arduino බෝඩ් එකේ D4 pin එකට connect කරන්න.
  • පලවෙනි Shift Register එකේ OE(13) පින් එක GND එකට connect කරන්න. 
  • පලවෙනි Shift Register එකේ ST_CP(12) පින් එක Arduino බෝඩ් එකේ D5 pin එකට connect කරන්න.  
  • පලවෙනි Shift Register එකේ SH_CP(11) පින් එක Arduino බෝඩ් එකේ D6 pin එකට connect කරන්න. 
  • පලවෙනි Shift Register එකේ MR(10) පින් එකට  5V connect කරන්න.
  • පලවෙනි Shift Register එකේ VCC(16) පින් එකට  5V connect කරන්න.
  • පලවෙනි Relay module එකේ GND pin එක  GND එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ VCC පින් එකට  5V connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN1 pin එක පලවෙනි Shift Register එකේ Q0 pin(15) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN2 pin එක පලවෙනි Shift Register එකේ Q1 pin(1) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN3 pin එක පලවෙනි Shift Register එකේ Q2 pin(2) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN4 pin එක පලවෙනි Shift Register එකේ Q3 pin(3) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN5 pin එක පලවෙනි Shift Register එකේ Q4 pin(4) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN6 pin එක පලවෙනි Shift Register එකේ Q5 pin(5) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN7 pin එක පලවෙනි Shift Register එකේ Q6 pin(6) එකට connect කරන්න.
  • පලවෙනි Relay module එකේ IN8 pin එක පලවෙනි Shift Register එකේ Q7 pin(7) එකට connect කරන්න.
  • දෙවෙනි Shift Register එකේ DS(14) පින් එක පලවෙනි Shift Register එකේ DOUT pin(9) එකට connect කරන්න.
  • දෙවෙනි  Shift Register එකේ OE(13) පින් එක  GND එකට connect කරන්න. 
  • දෙවෙනි  Shift Register එකේ ST_CP(12) පින් එක Arduino බෝඩ් එකේ D5 pin එකට connect කරන්න.  
  • දෙවෙනි Shift Register එකේ SH_CP(11) පින් එක Arduino බෝඩ් එකේ D6 pin එකට connect කරන්න. 
  • දෙවෙනි  Shift Register එකේ MR(10) පින් එකට  5V connect කරන්න.
  • දෙවෙනි  Shift Register එකේ VCC(16) පින් එකට  5V connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ GND pin එක  GND එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ VCC පින් එකට  5V connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN1 pin එක දෙවෙනි Shift Register එකේ Q0 pin(15) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN2 pin එක දෙවෙනි Shift Register එකේ Q1 pin(1) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN3 pin එක දෙවෙනි Shift Register එකේ Q2 pin(2) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN4 pin එක දෙවෙනි Shift Register එකේ Q3 pin(3) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN5 pin එක දෙවෙනි Shift Register එකේ Q4 pin(4) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN6 pin එක දෙවෙනි Shift Register එකේ Q5 pin(5) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN7 pin එකදෙවෙනි Shift Register එකේ Q6 pin(6) එකට connect කරන්න.
  • දෙවෙනි  Relay module එකේ IN8 pin එක දෙවෙනි Shift Register එකේ Q7 pin(7) එකට connect කරන්න.
  • RF Receiver එකේ +VIN පින් එක  5V අග්‍රයක් සම්බන්ධ කරන්න.
  • RF Receiver එකේ GND  පින් එක  GND එකට connect කරන්න.
  • RF Receiver එකේ Data  පින් එක Arduino බෝඩ් එකේ D12 pin එකට connect කරන්න.
  • DC to DC converter එකේ +VIN පින් එක  5V ධන අග්‍රයක් සම්බන්ධ කරන්න.
  • DC to DC converter එකේ -VIN පින් එක 5V  ඍන අග්‍රයක් සම්බන්ධ කරන්න.
  • Aruino Board එකේ VIN පින් එක  5V ධන අග්‍රයක් සම්බන්ධ කරන්න.
  • Aruino Board එකේ GND pin එක 5V  ඍන අග්‍රයක් සම්බන්ධ කරන්න.

දැන් ඔක්කොම හරි.මෙතැනදී එක relay module එකකින් sensor unit එකට අදාළ operation එක handle කරන අතර අනිත් relay module එකෙන් අපේ පරිගණකයෙන් දෙන විධාන වලට අදාළ operation එක සිදු කරයි.


අපි ඊලග පොස්ට් එකෙන් බලමු sensor unit එක එකලස් කරගන්න හැටි.